5 වැනිදා පාර්ලිමේන්තුව කැඳවනවා මහින්ද කියයි

5 වැනිදා පාර්ලිමේන්තුව කැඳවිමට නියම්ත බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග පැවැති හමුවකදීය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු සැසිවාර නොවැම්බර් 16 වන දිනට කල් තැබීමට කටයුතු කර තිබුණි.

ඊයේ (31) කථානායකවරයා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක්ද පැවැති අතර එහිදී පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව ජනපතිවරයාගෙන් සතුටුදායක ප්‍රතිචාරයක් ලැබුණ බව කතානායක මාධ්‍ය ඒකකය පැවැසීය.

පාර්ලිමේන්තු සැසිවාරය නැවතත් කැඳවීමට නියම්ත වුයේ නොවැම්බර් මස 05 දින වන අතර එදිනට අය වැය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Exit mobile version