ගස්ලබු කන්න ගිය සද්දන්තයාට වෙච්ච දේ

 

මින්නේරිය. රත්මලේ ප්‍රදේශයේ පැපොල් වගා බිමක ඇද තිබුනු අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී වන අලියකු මිය ගොස් ඇත.

අද (01) අලුයම මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ මින්නේරිය රක්ෂිතයේ සැරිසැරූ වයස අවුරුදු 35ක් පමණ වන අඩි අටහාමාරක් උස වන අලියකි.

අලියාගේ මිය යාම සම්බන්ධයෙන් පැපොල් ඉඩමේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වනජීවී නිලධාරීන් පැවැසීය.

Exit mobile version