හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ තරුණියක් අත්අඩංගුවට

හෙරොයින් සහ කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණියක් මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ මධ්‍යම නීතිය බලගැන්වීම් ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 100 මිලිග්‍රෑම් 970ක් සහ කො‍කේන් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 830ක් සොයාගෙන තිබේ.

ඇය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මරදාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version