බ්‍රසීලයේ අධිකරණ විනිසුරුට අමාත්‍ය ධූරයක්

බ්‍රසීලයේ නව අධිකරණ අමාත්‍යවරයා වශයෙන් එරට අධිකරණ විනිසුරුවරයෙකු වන සර්ජියෝ මෝරෝ පත් කර තිබේ.

එරට අධිකරණ හා මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් සර්ජියෝ මෝරෝ පත් කර ඇති අතර අන්ත දක්ෂිනාංශික නව ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ විසින් මෙම පත් කිරිම සිදු කර අැත.

සර්ජියෝ මෝරෝ ඊයේ(01) දින රියෝද ජනෙයිරෝ හිදී නව තනතුර භාරගෙන තිබේ.

Exit mobile version