හේෂාන්ට සහ තෙවරප්පෙරුමට ඇප

පහර දීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සහ හේෂාන් විතානගේ මහතා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට පසුගිය දා සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනා අද (05) පෙරවරුවේ කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

පසුව මන්ත්‍රීවරුන් දෙදෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමේන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හැර තිබේ.

Exit mobile version