Home දේශීය පුවත් හැටන් ඩිපෝවෙන් වාර්තාගත ආදායමක්

හැටන් ඩිපෝවෙන් වාර්තාගත ආදායමක්

0
හැටන් ඩිපෝවෙන් වාර්තාගත ආදායමක්

දීපාවලි උත්සව සමයේ හැටන් ලංගම ඩිපෝව වාර්තාගත ධාවන ආදායමක් උපයාගත් බව එම ඩිපෝවේ කළමණාකාර ඒ.කේ.පි.සි මහානාම මහතා පවසයි.

ඊයේ දින(05) එම ඩිපෝවේ බස් රථ 92 දුර සහ කෙටි දුර ධාවනය සඳහා යොදවා තම ඩිපෝවේ රු. විසිලක්ෂ පනස්දහසක ආදායමක් උපයාගත් බවත්, එම බස් රථ 92 බස් රථ කිහිපයක් ඊයේ දින කුලි පදනම මත ලබාදුන් බවයි ඩිපෝ කළමණාකාරවරයා කියා සිටියේ.

දීපාවලි උත්සව සමය අවසන් වන තෙක් තම ඩිපෝවේ සියළුම සේවකයන්ගේ කැපවිමෙන් තම ඩිපෝවේ ආදායම් තත්ත්වය තවත් ඉහළ දැමිමට කටයුතු කරන බවත්, 2018-2019 ශ්‍රි පාද වන්දනා වාරය ලබන මස ආරම්භ වන බැවින් ඒ සදහා ද බස් රථ ගණාවක් ධාවනයට එක් කිරිමට සැලසුම් කර ඇති බවයි ඩිපෝ කළමණාකාරවරයා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version