ජල්තර මිනීමැරුමට සම්බන්ධ 2ක් දැලේ

හංවැල්ල, ජල්තර ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ(5) රාත්‍රියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 28 වනදා හංවැල්ල,රාර ජල්තර ප්‍රදේශයේදී 22 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාලව සිදුකළ විමර්ශනවලට අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

ඔවුන් රනාල ප්‍රදේශයේ පදිංචි 19 හා 39 හැවිරිදි වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක් වන බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version