ගුරුගොඩ ඔයේ ගිලී සිසුවා නසී

බුලත්කොහුපිටිය, මොරොන්තොට, ගුරුගොඩ ඔයේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

පොලීසිය පැවසුවේ, පාසල් සිසුන් තිදෙනෙකු එම ඔයේ දිය නෑමට ගොස් ඇති අතර ඉන් එක් අයෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වරකාපොල, ඇත්නාවල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙකු බව සඳහන් වෙයි.

පොලීසිය, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ සිසුවා සෙවීමේ කටයුතු සිදුකරනු ලබයි.

බුලත්කොහුපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Exit mobile version