පක්ෂ නායක රැස්වීමක් අද

කථානායක කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් අද(07) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.

ලබන 14 වන දා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනයත් සමඟ ඒ සඳහා කටයුතු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බවටයි සඳහන් වන්නේ.

මේ අතර පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට ද අද රැස්වීමේදී නියමිතයි.

Exit mobile version