හෙට රෑ සිට බස් ගාස්තු පහළට

හෙට(08) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 2කින් පහත දැමීමට බස් සංගම් හා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

අද(07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී  පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සහ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් මේ බව පවසා තිබේ.

කෙසේ වෙතත් අවම ගාස්තුව වන රු .12  කිසිදු වෙනසක් සිදු නොවන බවද මෙහිදි අවධාරාණය කර ඇති බව වාර්තා වෙයි.

බස් සංගම් හා ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

Exit mobile version