Home දේශීය පුවත් වෙන්නප්පුවේ මුල්‍ය ආයතනයක උඩු මහලේ ගින්නක්

වෙන්නප්පුවේ මුල්‍ය ආයතනයක උඩු මහලේ ගින්නක්

0
වෙන්නප්පුවේ මුල්‍ය ආයතනයක උඩු මහලේ ගින්නක්

වෙන්නප්පුව නගරයේ පිහිටි පෞද්ගලික මුල්‍ය ආයතයක උඩු මහලක ඊයේ(07) දින හටගත් ගින්නකින් එම මහලේ තිබු විදුලි උපකරණවලට සහ පරිඝණක කිපයකට හානිවි තිබෙන බවට වාර්තා වෙයි.

මෙම ගින්න ඇතිවි ඇති අවස්ථාවේ එම මාරගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු එම මුල්‍ය ආයතනයේ උඩු මහලින් දුමක් පැතිර යන බවට පොලිසිය දැනුම්දි තිබේ.

පොලිස් නිළදාරින් කණ්ඩායමක් ගින්න හටගත් මුල්‍ය ආයතනයට ගොස් එහි සේවකයින් සමඟ එක්ව ආයතනයේ දොරවල් විවෘත කර ගිනි නිවන උපකරණ හා ජලය භාවිතා කරමින් ගින්න නිවා දැමු බවයි පොලිසිය සඳහන් කළේ.

වෙන්නප්පුව පොලීසයි සිද්ධිය පිළිබඳව පරික්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version