වවුචර් ඉවතට- රෙදි නැවතත්

පාසල් ළමයින් සඳහා නිල ඇදුම් සඳහා  ලබාදෙන වවුචර් පත් වෙනුවට නැවත රෙදි ලබාදීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

එහි ලේකම් පත්මසිරි ජයමාන්න පැවසුවේ පාර්ශ්ව ගණනාවකින් ලැබුණු ඉල්ලීම් අනුව ඒ පිළිබඳ සලකා බලන බවයි.

මේ සදහා අදාළ නිලධාරීන්ට දැනටමත් උපදෙස් ලබාදී ඇතැයිද  ලේකම්වරයා වැඩිදුරටත් කියාසිටියේය.

Exit mobile version