හිටපු ජනාධිපති ආර්යාවට සිරදඬුවම්

පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ගේ බිරිඳ වන 89 හැවිරිදි ඉමෙල්ඩා මාර්කෝස්ට සිරදඬුවම් නියම කිරිමට එරට අධිකරණය තීරණය කර තිබේ.

වර්ෂ 1970 – 1980 දශකයේ දී ස්විස්ටර්ලන්තයේ රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ නීතිවිරෝධී ලෙස මුල්‍ය ගනුදෙනුවක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

සිය සැමියාගේ පාලන කාලය තුළ සුඛෝපභෝගී ජිවිතයක් ගත කළ ඇය සපත්තු ජෝඩු දහසක් හිමිකර ගැනීම නිසා ප්‍රසිද්ධියට පත්වී සිටියාය.

නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර විට ඇය අධිකරණයට පැමිණි නොසිටි අතර සිරදඬුවම් නියම කිරිම නිසා ඇය අත්අඩංගුවට ගැනීමට නියමිතය.

 

Exit mobile version