වලස්මුල්ලේ නිවසක පිළිස්සී ගිය මළ සිරුරක්

වලස්මුල්ල පොලිස් වසමේ හඳුගල ප්‍රදේශයේ නිවසක අද(09) උදෑසන 8.50ට පමණ කාන්තාවක් පිළිස්සී මිය ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් පොලීසියට ලද දුරකථන පණිවිඩයක් අනුව මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

පිළිස්සී මියගොස් ඇත්තේ වයස අවුරුදු 76 ක් වු මාතර පදිංචි වන්නිආරච්චිගේ නිමල්හාමි යන පුද්ගලයෙකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිත අැති අතර වලස්මුල්ල පොලිසීය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Exit mobile version