Home දේශීය පුවත් පෑලියගොඩ අන්තර් හුවමාරුවේ කොටසක් වැසේ

පෑලියගොඩ අන්තර් හුවමාරුවේ කොටසක් වැසේ

0
පෑලියගොඩ අන්තර් හුවමාරුවේ කොටසක් වැසේ

නව කැළණි පාලම ඉදිකිරීම් කටයුතු හේතුවෙන් අද(10) කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා කැළණි පාලම අතර මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

කොළඹ – පුත්තලම මාර්ගයේ සහ කොළඹ නුවර මාර්ගයේ කොළඹ දෙසට ගමන් කරන වාහන පෑලියගොඩ හුවමාරුවෙන් ඇතුළුවීම තාවකාලිකව නතර කරනු ලබන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

අධිවේගී මාර්ගයේ කොළඹ සිට පැමිණෙන වාහන පෑලියගොඩ හුවමාරුවෙන් කොළඹ පුත්තලම සහ කොළඹ නුවර මාර්ගවලට පිට වීමද වසා තැබෙනු ඇත.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි එම අධිකාරිය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version