ජල්තර ඝාතනය සම්බන්ධයෙන් 2ක් අත්අඩංගුවට

හංවැල්ල, ජල්තර ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පහරදී තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු නවගමුව, නවකන්ද පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 16 හා 19 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු වන අතර ඔවුන් ජල්තර, රණාල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට අද(10) ඉදිරිපත් කිරීමට නියමිත අතර මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Exit mobile version