එජාප පෙරමුණේ නායකයන් අතර විශේෂ හමුවක්

එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විය.

මෙම සාකච්ඡාව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් විණි.

ඒ සඳහා රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, පී දිගම්බරන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටි බව වාර්තා වේ.

හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සහ ඉදිරියේදී ක‍්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

Exit mobile version