Home දේශීය පුවත් කීඩෑ උවදුරෙන් හානියට පත් කුඹුරුවලට වහාම වන්දි

කීඩෑ උවදුරෙන් හානියට පත් කුඹුරුවලට වහාම වන්දි

0
කීඩෑ උවදුරෙන් හානියට පත් කුඹුරුවලට වහාම වන්දි

2018 යල කන්නයේ කීඩෑ උවදුරෙන් හානියට පත් කුඹුරුවලට වහාම වගා හානි වන්දි ලබාදෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

2018 යල කන්නයේදී අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල කුඹුරු රැසකට කීඩෑ උවදුර නිසා  විශාල හානියක් සිදු විය.

මෙම ගොවීන්ට වගාහානි වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළ අතර, ඊට අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

කීඩෑ උවදුර නිසා පොළොන්නරු දිස්ත්‍රික්කයේ කුඹුරු වැඩි ප්‍රමාණයක් බලපෑමට ලක්වූ අතර, දැනට ගණන් බලා ඇති පරිදි කීඩෑ උවදුර නිසා හානියට පත් කුඹුරු අක්කර ප්‍රමාණය අක්කර 42,830 කි. මින් අක්කර 38,570 ක වී වගාව අර්ධ වශයෙන් හානියට පත්ව ඇති අතර, අක්කර 4,269ක වී වගාව සහමුලින්ම කීඩෑ උවදුර නිසා විනාශ වී ඇත.

මේ අන්දමින් අම්පාර දිස්ත්‍රික්කයේද කීඩෑ උවදුර නිසා හානියට පත් කුඹුරු පිළිබඳ අවධානය යොමු කරන ලෙසත්, එම සියලු කුඹුරුවලට වගා හානි වන්දි වහාම ගෙවීමට පියවර ගන්නැයි ද අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

එමෙන්ම පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් වගාවන්ට සිදු වු හානිය පිළිබඳව ද තොරතුරු සහ හානිය පිළිබඳ තක්සේරු කිරීම්ද මේවනවිටත් කෘෂිකර්ම අමාත්‍යශය විසින් ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version