Home දේශීය පුවත් හික්කඩුවේ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් මරුට

හික්කඩුවේ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් මරුට

0
හික්කඩුවේ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් මරුට

හික්කඩුව දුර ගමන් සේවා බස් රථ නැවතුම්පල ඉදිරිපිට සිදු වූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ, කොළඹ සිට මාතර දක්වා ධාවන වූ පුද්ගලික බස් රථයක ගමන් කළ පොලිස් කොස්තාපල්වරයා ඉන් ඇද වැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ හික්කඩුව, තොරණගල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කුරුඳුගහහැතැක්ම අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

හික්කඩුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version