ජනපති හදිසියේම පරිසරයට යයි

ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන මහතා අද (13) පෙරවරුවේ හදිසියේම මධ්‍යම පරිසර අධිකාරිය වෙත ගොස් එහි කටයුතු අධීක්ෂණය කර තිබේ.

අධිකාරියේ අභ්‍යන්තර ක්‍රියාවලිය මෙන්ම මුල්‍ය අංශයේ කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සොයා බලා අැත.

ජනපති මෙහිදී නිලධාරින්ට උපදෙස් දී අැත්තේ පවතින දේශපාලන වතාවරණය බාධාවක් කර නොගෙන අපේක්ෂිත වාර්ෂික ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා සැලසුම් සහගතව කටයුතු කරන ලෙසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය ඇතුළු සේවාවන් පිළිබඳව ද මෙහි දී ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

Exit mobile version