අද පාර්ලිමේන්තුවේ පුටු වෙන් කිරීම ගැන තවම තීරණයක් නෑ

පාර්ලිමේන්තුවේ අද (15) පැවැත්වෙන සභා රැස්වීම සඳහා අසුන් පැනවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

මේ වනවිට ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත්වන බව ලිපි මගින් දැනුම් දී ඇත්තේ මනූෂ නානායක්කාර සහ පියසේන ගමගේ යන මන්තී‍්‍රවරුන් පමණයි.

මෛතී‍්‍ර – මහින්ද ආණ්ඩුවෙන් ඉවත්ව යළි එක්සත් ජාතික පෙරමුණට එක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. එච්. එම්. ෆවුසි මෙතෙක් සිය ආසන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර නැහැ.

කෙසේවෙතත් ඔවුන් තුන්දෙනාම ඊයේ (14) අසුන් ගෙන සිටියේ විපක්‍ෂයේ අසුන්වලයි.

පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තමන්ට විපක්‍ෂයේ අසුනක් ලබාදෙන ලෙසට මීට පෙර ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව රතන හිමියන්ට විපක්‍ෂයේ ඉදිරි පෙළ අසුනක් හිමිව තිබෙනවා.

පාර්ලිමේන්තුව ඊයේ රැස් වූ අවස්ථාවේ දී අග‍්‍රාමාත්‍යවරයාට හිමි අසුනේ අසුන්ගෙන සිටියේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතායි.

Exit mobile version