එජාපය ජනපති හමුවීමේ තීරණය වෙනස් කරයි

පවතින තත්ත්වයන් පිළිගෙන අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා පත් කරන්නැයි ඉල්ලා සිටීමට අද (15) ජනාධිපතිවරයා හමුවීමට මීට පෙර ගත් තීරණය වෙනස් කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇති බව වාර්තාවේ.

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ (14) නිකුත් කළ ලිපිය සැලකිල්ලට ගෙන එම හමුව අත්හිටවූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරුකරන ලෙස බල කරමින් අද මහජන උද්ඝෝෂණයක් සංවිධාන කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා.

අද ගනු ලබන කි‍්‍රයාමාර්ග පිළිබදව එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඊයේ රාති‍්‍රයේ රැස්වී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

Exit mobile version