ගංජා තොඟයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

වව්නියාව, නොච්චිමොටේ පාලම අසලදී කේරළ ගංජා තොඟයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ, වව්නියාව පොලිසිය සිදු කළ වාහන පරික්ෂාවකදී යාපනය සිට කතරගම බලා ධාවනය වූ බස් රථයක කේරළ ගංජා ප්‍රවාහනය කළ අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බවයි. ‍

සැකකරු 21 හැවිරිදි අනුරාධපුර, මහබුලන්කුලම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් එකක් පොලීසිය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද(15) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වව්නියාව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version