අඹ සුජී මාට්ටු වෙයි

අපරාධ රැසක් සම්බන්ධයෙන් සැකකරුවෙකු වන ජූලම්පිටිය ගමගේ සජිත් කුමාර නොහොත් ‘‘අඹ සුජී’’ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. තංගල්ල කෝට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ඔහුව අද(16) තංගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ආනන්ද සහ ජගත් වැනි අන්වර්ථ නාමවලින් ද ඔහු පෙනී සිට ඇති බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

සැකකරු මනුෂ්‍ය ඝාතන, කොල්ල කෑම් ආදි චෝදනා රැසකට සම්බන්ධ පුද්ගලයෙක් බවත් ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ගිනි අවියක් සහ උණ්ඩ පහක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Exit mobile version