යතුරු පැදියේ ගැටී පදිකයෙක් මරුට

අධික වේගයෙන් ධාවනය වු යතුරු පැදියක ගැටී මාර්ගය හරහා ගමන් ගත් පදිකයෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව කොත්මලේ පොලිසිය පැවසිය.

ඊයේ (15) පස්වරු 6.30 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ නුවරඑලිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ කොත්මලේ කටුකිතුල ප්‍රදේශයේදිය.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ කොත්මලේ හෙල්බොඩ වත්තේ පදිංචි අගනාදන් සිවනාදන් නැමති (55) හැවිරිදි තිදරු පියෙකි.

නුවරඑලියේ සිට කොළඹ දක්වා ධාවනය වු යතුරු පැදියේ ගැටි පදිකයා අඩි කිහිපයක් ඉදිරියට විසි වි ප්‍රධාන මාර්ගයේ වැටි බරපතල ලෙස තුවාල ලබා කොත්මලේ රෝහල වෙත ඇතුලත් කිරිමේදි පදිකයා ජිවිතක්ෂයට පත් වි ඇති බවයි කොත්මලේ පොලිසිය පැවසුවේ.

මෙම අනතුරෙන් යතුරුපැදිකරු සහ යතුරු පැදියේ පිටුපස ගමන් ගත් කාන්තාවද බරපතල ලෙස තුවාල ලබා කොත්මලේ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොල මුලික රෝහල වෙත ඇතුළත් තර ඇත.

යතුරු පැදියේ අධික වේගය අනතුරට හේතු වි ඇති බව අනතුර පිලිබඳ පරික්ෂණ පවත්වන කොත්මලේ පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ලක්ෂ්මන් අබේරත්න මහතා පැවසිය.

අනතුරෙන් යතුරු පැදියටද බරපතල ලෙස අලාභ හානි සිදු වි තිබේ.

Exit mobile version