Home දේශීය පුවත් අනවසර ඉන්දීය ධීවරයින්ගේ ප්‍රමාණය සීග්‍රයෙන් පහතට

අනවසර ඉන්දීය ධීවරයින්ගේ ප්‍රමාණය සීග්‍රයෙන් පහතට

0
අනවසර ඉන්දීය ධීවරයින්ගේ ප්‍රමාණය සීග්‍රයෙන් පහතට

වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදාධිපති ලෙස පත් වීමෙන් පසු, උතුරු මුහුදේ ආරක්ෂාවට යොදවා ඇති නෞකාවන් වල මුර සංචාරක රටාව විධිමත් කිරීමත් සමගම ශ්‍රී ලංකා මුහුදු සීමාවන්ට පැමිණෙන අනවසර ඉන්දීය ධීවරයින්ගේ ප්‍රමාණය සීග්‍රයෙන් පහත වැටී ඇත.

මුහුදු තීරය පුරාම විධිමත්ව දිවා රාත්‍රී අඛණ්ඩව මුර සංචාර සිදු කිරීමත් සමගම, පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන්ට පැමිණෙන ට්‍රෝලර් යාත්‍රා‍ නිරීක්ෂණය වී ඇත්තේ ඉතාමත් අඩුවෙනි. එම නිසාම අනවසර ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් සහ යාත්‍රා අත්අඩංගුවට පත්ව ඇත්තේ ද ඉතාමත් සීමිත සංඛ්‍යාවකි.

තවද, ශ්‍රී ලංකා මුහුදු සීමාවන්ට පැමිණීමට නොහැකි වූ දකුණු ඉන්දීය තමිල්නාඩු ධීවරයින් ඔවුන්ගේ ආසන්නතම ප්‍රාන්ත වන ආන්ද්‍රා සහ කේරළ යන මුහුදු සීමාවන්ට ඇතුල් වී අනවසර ධීවර කටයුතු කිරීමට පටන් ගෙන ඇත. මෙවන් තත්ත්වයක් වාර්තා වූයේ ඉතිහාසයේ පළමු වතාවටය.

දීර්ඝ කාලයක් තිස්සේ ඉතාමත් බරපතල ගැටළුවක්ව පැවති මෙම අනවසර ධීවර ගැටළුව, ඉතාමත් කෙටි කාලයක් තුළදී පාලනය කිරීමට හැකියාව ලැබීම විශේෂත්වයකි. වත්මන් නාවික හමුදාධිපතිතුමන් දීර්ඝ කාලයක් තිස්සේ ලද අත්දැකීම් ඇසුරින් නව ක්‍රමෝපායන් භාවිතයට ගැනීම මෙම ජයග්‍රහණයට හේතුවක් ලෙස දැක්විය හැකිය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version