අද බහුතරය තොරයි

පාර්ලිමේන්තුවේ බහුතරය තීරණය කිරීම සඳහා අද (16) නමින් ඡන්ද විමසීමක් සිදු කෙරෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් පැවසුවේ ජනාධිපතිවරයා සමග ඊයේ එළඹි එකඟතා අනුව මෙම ඡන්ද විමසීම සිදු කෙරෙන බවයි.

පාර්ලිමේන්තුවේදී සංවරව හැසිරෙන ලෙස ජනාධිපතිවරයා සියලූ පාර්ශවවලින් ඉල්ලීමක් කළ බවද මෙහිදී සිහිපත් කෙරිණි.

කිසිවෙකු හෝ කළහකාරීව හැසිරුණහොත් ඒ සම්බන්ධයෙන් තමන් පියවර ගන්නා බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ බව අකිල විරාජ් කාරියවසම් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version