මහා රැ ජනපති අගමැති හමුවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර විශේෂ හමුවක් ඊයේ රාත්‍රියේ සිදුවුණා.

ජනාධිපති නිල නිවසේදී මෙ හමුව සිදුවූයේ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ ජනාධිපතිවරයා අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ සිදුවූ හමුවෙන් පසුවයි.

මෙහිදී ආණ්ඩුවේ ඉදිරි කටයුතු සහ පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අදහස් හුවමාරු වී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

Exit mobile version