බස්- ත්‍රී රෝද රථ අනතුරකින් කාන්තාවක් හා කුඩා දරුවෙක් මරුට

රත්නපුර, මාරපන ප්‍රදේශයේදී සිදුවූ රිය අතුරකින් කාන්තාවක් හා කුඩා දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ බස් රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර එහිදී ත්‍රී රෝද රථයේ ගමන් කළ 06 දෙනෙකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි.

එහිදී ත්‍රී රෝද රථයේ ගමන් කළ 26 හැවිරිදි කාන්තාවක් හා වසර 02යි මාස 09ක් වයසැති කුඩා දරුවෙකු මියගොස් තිබේ.

මෘත ශරීර රත්නපුර රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද(17) සිදුකිරීමට නියමිතය.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version