ඉන්දියාවේ විවෘත වූ අලි රෝහල

තුවාල ලබන සහ විවිධ රෝගාබාධවලට ලක්වන අලින්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රථම අලි රෝහල ඉන්දියාවේ අග්‍රා පුරවරයේ චුර්මුරා ගම්මානයේ ඊයේ (16) විවෘත කෙරිණි.

ඩිජිටල් එක්ස් කිරණ යන්ත්‍ර, දන්ත එක්ස් කිරණ යන්ත්‍ර, අල්ට්‍රාසොනොග්‍රැෆි ඇතුළු නවීන උපකරණවලින් සමන්විත මෙම රෝහලේ තුවාල ලබන අලින්ට නේවාසිකව ප්‍රතිකාර කරන බව එම රෝහල ඉදිකිරීමට දායක වූ එස්. ඕ.එස්. නැමැති වන සත්ත්ව සංවිධානය ප්‍රකාශ කළේය.

දැනටමත් එම සංවිධානය විසින් අලි 20 දෙනෙකුට පමණ ප්‍රතිකාර කරනු ලබන අතර, වඩාත් බරපතල අලි රෝහලට ඇතුළත් කෙරෙනු ඇති.

Exit mobile version