Home දේශීය පුවත් සර්ව පාක්ෂික රැස්විමේ ප්‍රතිඵල

සර්ව පාක්ෂික රැස්විමේ ප්‍රතිඵල

0
සර්ව පාක්ෂික රැස්විමේ ප්‍රතිඵල

අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික රැස්වීමක් පවත්වනු ලැබිය.

මෙම සර්ව පාක්ෂික රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ අනෙකුත් පක්ෂ නායකයින්ගෙ සහභාගිත්වයෙන් පැවැත්විණි.

සර්ව පාක්ෂික රැස්වීම අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් .පී. පෙරේරා මහතා පැවසුවේ එක්සත් ජාතික පෙරමුණට 113ක බහුතරය තිබෙන බවත් අවශ්‍ය නම් එය දිවුරුම් පෙත්සම් මගින් හෙට (19) උදැසනට ජනපතිවරයාට පෙන්විය හැකි බවත්ය.

එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමන්තුවේදී කටයුතු කරමින් අවසන් තීන්දුවකට පැමිණෙන ලෙසට ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි.

මේ අතර මෙම සර්ව පාක්ෂික රැස්වීමට සහභාගිවිම කථානායක කරු ජයසූරිය මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version