Home දේශීය පුවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් බෝට්ටුවකින් හමුවෙයි

පුපුරණ ද්‍රව්‍ය තොගයක් බෝට්ටුවකින් හමුවෙයි

0
පුපුරණ ද්‍රව්‍ය තොගයක් බෝට්ටුවකින් හමුවෙයි

යාපනයේ පන්නෙයි ධීවර වරායේ තිබූ බෝට්ටුවකින් සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ තුනක්, ජෙලග්නයිට් කූරු 48ක්, සේවා නූල් තොගයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ(18) සවස යාපනය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

යාපනය පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් අතර ධීවරයින්ට සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය අවශ්‍ය නොවන නිසා මෙම ද්‍රව්‍ය රැගෙන එන ලද්දේ කවර අවශ්‍යතාවයකටද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

මෙම පුපුරණ ද්‍රව්‍ය තිබූ බෝට්ටුවේ අයිතිකරුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නමුත් ඔහු පොලීසියට පවසා ඇත්තේ මෙම පුපුරණ ද්‍රව්‍ය තමන්ට අයත් බෝට්ටුවේ තිබුණු නමුත් එම දේ තමන්ට අයත් නොවන බවයි.

යාපනය පොලීසිය සිද්ධිය පිළිබඳ පරික්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version