ප්‍රථම වරට මෙරට කටුඅනෝදා වගා කලාපයක්

කටුඅනෝදා – Annona Muricata (Prickly Custard Apple) වගා කලාපයක් අපේ රටේ ප්‍රථම වරට ස්ථාපිත කිරීමට කටයුතු යොදා අැත. කටුඅනෝදා යනු අපේ රටේ බහුලව වගා කලත් තවමත් බොහෝ දෙනෙක් පරිහෝජනය නොකරන පලතුරකි.

නමුත් විදේශ වෙළෙඳපළේ මෙන්ම අපේ රටේ සංචාරක කර්මාන්තයේ දී ඉහළ ඉල්ලුමක් සහ ඉහළ මිලක් කටුඅනෝදා සම්බන්ධයෙන් පවතී.

එමෙන් ම ඹෟෂධීය ගුණයෙන් අනූන පලතුරක් වන කටුඅනෝදා වගාව මඟින් ඉහළ ආදායමක් ගොවීන්ට උපයාගත හැකිව තිබේ.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් කටුඅනෝදා වගා කලාපයක් අපේ රටේ ප්‍රථම වරට ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව කටුඅනෝදා ප්‍රථම වගා කලාපය අනිද්දා (21) ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා උපදෙස් දී ඇත.

අපේ රටේ වැවෙන අනෝදා වර්ග තුනක් ඇත. කටුඅනෝදා, වැලි අනෝදා සහ සීනි අනෝදා යනු එම වර්ග තුනයි. මේ අතරින් කටුඅනෝදා සුවිශේෂී වන්නේ එහි ඇති මිනිස් සිරුරේ හටගන්නා පිළිකා සෛල විනාශ කිරීමට ඇති හැකියාවයි.

පිළිකා සෛල විනාශ කිරීමට යොදා ගන්නා “ කීමෝ තෙරපි ” ක්‍රමය මඟින් පිළිකා සෛල පමණක් නොව එම සෛල අවට ඇති නීරෝගී සෛල ද විනාශ වේ. නමුත් කටුඅනෝදාවල තිබෙන පිළිකා සෛල විනාශ කිරීමේ ශක්‍යතාවය කීමෝවලට වඩා දහස් ගුණයකින් වැඩි බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත.

එම නිසා කටුඅනෝදා වගාව ආර්ථික බෝගයක් වශයෙන් වගා කීරීම මෙන්ම එහි ඇති යහගුණය මහජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ද පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

Exit mobile version