හිටපු ජනපති ඇලන් ගාසියා උරුගුවේ රැකවරණ පතයි

පේරු රාජ්‍යයේ හිටපු ජනපති ඇලන් ගාසියා උරුගුවේ තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණ පතා තිබේ.

ඊට හේතුව වි අැත්තේ එරට අධිකරණයක් අල්ලස් සහ දූෂණ චෝදනා එල්ල වූ හිටපු පේරු ජනාධිපතිවරයාට රටින් පිටවීම තහනම් කිරීමට පියවර ගැනීමෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇලන් ගාසියා ට එරෙහි චෝදනාව වන්නේ පේරු රාජ්‍යයේ ලීමා අගනුවර උමං දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ රජයේ කොන්ත්‍රාත්තුවක්  ,බ්‍රසීල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්තයකුට ලබා දී ඒ සඳහා අල්ලස් ලබාගැනීමයි.

මෙම චෝදනා සියල්ල  දේශපාලන කුමන්ත්‍රණයක් බව හිටපු පේරු ජනාධිපතිවරයා පවසා තිබේ.

Exit mobile version