බලංගොඩ රිය අනතුරකින් අයෙක් මරුට

බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ කොට බෝධිය පන්සල අසල දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු සහ පසුපැදිකරු බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී පසුපැදිකරු මියගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

බලංගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version