ගීතා ලාංකීක වු බව මහින්දට දන්වයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගත් බවට වන ලිපිලේඛන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත බාරදී තිබේ.

අද(21) දිනයේ එම ලියකියවිලි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කළේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ ලිපි බාර ගෙන මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කරන බවත් පසුව මාධ්‍ය වෙත දැනුම් දෙන බව සභාපතිවරයා සඳහන් කළ බව එතුමිය පැවසීය.

Exit mobile version