එල්ලවන චෝදනා වලට කථානායක උත්තරදෙයි

තමාට එරෙහිව සංවිධානය කෙරෙන උද්ඝෝෂණ සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් මාධ්‍ය හමු පවත්වමින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 04 ක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ලිඛිතව වත්මන් පාලනයට අභියෝග කර ඇති බැවින් කථානායකවරයා වශයෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව බහුතර මතයට කන්දීම පැහැර හැරිය නොහැකි වගකීමක් බව කරූ ජයසූරිය මහතා සදහන් කර තිබේ..

කථානායකවරයාගේ ස්ථාවරය පක්ෂක්ග්‍රාහී වීමක් ලෙස හඳුන්වමින් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සිදුකරන පහත් මට්ටමේ පරිභව කිරීම් සහ විරෝධතා නිශ්ඵල වන අතර බහුතර මන්ත්‍රී පිරිසකගේ සහය වත්මන් පාලනයට ඇති බව පැහැදිලි ලෙස ඔප්පු කිරීම එම විරෝධතාවලට වඩා ඵලදායී වන බව කරූ ජයසූරිය මහතා සිය නිවේදනයේ වැඩ්දුරටත් සදහන් කර තිබේ.

Exit mobile version