Home දේශීය පුවත් ගුරුමාරු තීරණය කිසිම හේතුවක් නිසා අකුලා ගන්නේ නැහැ – අධ්‍යාපන අැමැති

ගුරුමාරු තීරණය කිසිම හේතුවක් නිසා අකුලා ගන්නේ නැහැ – අධ්‍යාපන අැමැති

0
ගුරුමාරු තීරණය කිසිම හේතුවක් නිසා අකුලා ගන්නේ නැහැ – අධ්‍යාපන අැමැති

එකම පාසලක වසර 10කට වඩා සේවය කළ ගුරුවරුන් වෙනත් පාසල්වලට මාරු කිරිමට ආණ්ඩුව ගත් ප්‍රතිපත්තිමය තීරණය අභියෝගයට ලක් කරමින් පාසල්වල කඩාකප්පල්කාරී ක්‍රියා සැලසුම් කිරිමට උත්සහ කරන ගුරුවරුන්, පාසල් සංවර්ධන සමිති නිලධාරින්, ආදි ශිෂ්‍යයින් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ. අධ්‍යාපන අැමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව මෙම දැනුම් දීම සිදු කර තිබේ.

එකම පාසලක වසර දහයකට වඩා සේවය කළ ගුරුවරුන් වෙනත් පාසල්වලට යැවීමෙන් සියලුම ගුරුවරුන්ට ජනප්‍රිය පාසල්වල සේවය කිරීමේ අවස්ථාව ලබා දීමට ඉහත තීරණය ගත්තේ රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිවල එක් කොටසක් වශයෙන් බව අමාත්‍යාංශය සඳහන් කරයි.

අධ්‍යාපන කේෂත්‍රයේ වෘත්තිය සමිතිවල ප්‍රබල ඉල්ලීමකට අනුව  ගත් මෙම තීරණය කිසිම හේතුවක් නිසා අකුලා නොගන්නා බව ඇමැතිවරයා සඳහන් කරයි. මෙම මාරුවීම් පටිපාටිය සකසා ඇත්තේ ගුරු සේවයේ ඵලදායිතාවය වැඩිකර විධිමත් සේවයක් ඇති කිරිම සඳහා කී අැමැතිවරයා මෙ‍ම ගුරුමාරු ක්‍රියාව‍ලයේදි දේශපාලන කුමන කරුණක් නිසා හෝ අදාළ කර නොගන්නා බවද ඇමැතිවරයා පැවසිය.

ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම ක්‍රියාවලිය ගුරුමාරු මණ්ඩල සහ වෘත්තිය සමිති එක්ව අත්සන් කර අනුමත කර ඇති බවත්, ඇතැම් ගුරුසංගම් ගුරුමාරු ක්‍රියාවලියට අනුමැතිය පළ කර අද වෙනත් කතා කීම විහිළුවට කරුණක් බවද, රාජ්‍ය සේවයේ නිරත සෑම අයකුම සේවා ස්ථාන මාරුවීමේ ක්‍රියාවලියට යටත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version