ආණ්ඩුවක් නැති බව හැන්සාඞ් වාර්තාවාර්තාවෙන් තහවුරුයි

අගමැතිවරයෙකු, ආණ්ඩු පක්ෂයක් හෝ සභානායකවරයෙකු වත්මන් පාර්ලිමේන්තුවේ නොමැති බව හැන්සාඞ් වාර්තා අනුව නිල වශයෙන් තහවුරු වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඒ අනුව ආණ්ඩුවේ නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මන්ත‍්‍රීවරුන් නම් කිරීමට සභානායක කාර්යාලයට බලයක් නොමැති බවයි එම පක්ෂය පෙන්වා දෙයි.

සභානායකවරයා ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් නියෝජිතයින් 07 දෙනෙකු නම් කරමින් එය කථානායකවරයා වෙත දැනුම් දීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (21) කටයුතු කළේය.

ජනතා විමුක්ති පෙරමුණ ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් දෙදෙනෙකු නම් කර යැවූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස වැඩිදුරටත් කියා සිටියේය.

Exit mobile version