තරුණියන් හතරෙන් එකකට මානසික ගැටළු

ලොවපුරා වෙසෙන සෑම තරුණියන් සිව් දෙනෙකුගෙන්ම අයෙක් මානසික ගැටළුකින් පෙළෙන බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබේ.

එංගලන්තයේ විද්‍යාඥයින් පිරිසක් ලොවපුරා තරුණ තරුණියන් නව දහසකට අධික පිරිසක් එක් කර ගනිමින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ.

මෙම මානසික ගැටළුවලට ප‍්‍රධාන වශයෙන් බලපා ඇත්තේ සංවේදී හේතුයි. 23.9% කටම ඇත්තේ මානසික කැලඹිමයි.

මානසික අවපීඩනය, සාංකාව සහ අවුල් සහගත බවින් බෝහෝ තරුණියන් පෙළෙන බව මෙමගින් අනාවරණ වී තිබේ.

සිය රූපය පිළිබද පීඩනය, විභාග භීතිකාව සහ සමාජ මාධ්‍ය විසින් එල්ල කරනු ලැබ ඇති අහිතකර බලපෑමද මීට හේතුවී ඇති බව හෙළිකරගෙන අැත.

Exit mobile version