හෙලෙන් වැටුණු ගැබිණිය මුදා ගනියි

කන්දකින් පහල වැටි තුවාල ලබා සිටි ගැබ්බර වැලි මුව දෙනක් බේරා ගැනිමට හැටන් පොලිසියේ නිලධාරින් සමත්
වි ඇත.

හැටන් ෂැනන් තේ වත්තේ අද (23) දහවල් මෙම මුවදෙන වැටි සිටිනු දුටු වතු කම්කරුවන් එ පිලිබඳව හැටන්
පොලිසියට දැනුම් දිමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් එම වතු යායට ගොස් ගැබ්බර මුව දෙන හැටන් පශු වෛද්‍ය
කාර්යයාගයට ගෙන ගොස් ප්‍රතිකාර ලබා දි ඇත.

තේ වතු ආශ්‍රිතව සැරිසරන සුනඛයින් මෙම ගැබ්බර මුව දෙන පන්නා ඇති බවත්, එම සුනඛයින්ගෙන් බේරිම සඳහා
දිවයන මුව දෙන කන්දකින් පහලට ඇද වැටෙන්නට ඇති බවයි හැටන් පොලිසිය සැකකරන්නේ.

මුවදෙන නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට භාර දිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කර ඇත.

Exit mobile version