පලාගිය මැණික් ජාවාරම්කරුවෝ – PHOTOS

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපැල්ටන් තේ වත්තේ අනවසරෙන් මැණික් ගැරූ ජාවාරම්කරුවන් පිරිසක් අල්ලා පොලිසියට භාර දිමට වතු කම්කරුවන් පිරිසක් උත්සහ කර තිබේ.

බගවන්තලාව චැපැල්ටන් තේ වත්තේ තේ පදුරු ගලවා විශාල වලවල් හාරා මැණික් ජාවාරම්කරුවන් පිරිසක් මැණික් ගරමින් සිටින බව දැනගත් එම වතු යායේ වතු කම්කරුවන් ඊයේ(23) රාත්‍රි 12 ට පමණ එම ජාවාරම්කරුවන් පිරිස අල්ලා පොලිසියට භාර දිමට උත්සහ කිරිමේදි එම සැකකරුවන් පලාගොස් ඇත.

මැණික් ජාවාරම්කරුවන් විසින් මැණික් ගැරිමට උපයෝගි කර ගත් උපකරණ රැසක් හා කැපු මැණික් ඉල්ලම් තොගයක් එම ස්ථානයේම දමා පලා ගොස් ඇත.

එම මැණික් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් වතු කම්කරුවන් විසින් හදුනාගෙන ඇති අතර, ඔවුන් සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් කරන බවයි වතු කම්කරුවන් කියා සිටියේ.

තේ පදුරු මත විශාල ලෙස වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් මැණික් ගැරිම හේතුවෙන් තේ දළු නෙලන වතු කම්කරුන් දැඩි අවධානමකට ලක් වන බවද එම වතු යායේ වතු කම්කරුවන්ද කියා සිටියි.

Exit mobile version