අගමැති හා සංචාරක කර්මාන්තයේ වෘත්තිකයන් අතර හමුවක්

පසුගිය කාලය තුළ සංචාරක ක්‍ෂෙත්‍රයේ සිදුවූ පසුබෑම යථා තත්ත්වයට පත් කර ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන වැදගත් ක්‍ෂෙත්‍රයක් බවට සංචාරක කර්මාන්තය නැවත පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

සංචාරක කර්මාන්තයේ නියැලෙන වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් පිරිසක් සමඟ ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදි මේ බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ වනවිට සංචාරක ක්‍ෂෙත්‍රය තුළ උද්ගත වෙමින් පවතින ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් කඩාවැටී ඇති සංචාරක කර්මාන්තය පිළිබඳව ඔවුන් මෙහිදී දීර්ඝ වශයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

Exit mobile version