ස්ථීර නැති සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ට ස්ථීර පත්වීම්

දිවයින පුරා විධිමත් පත්වීමක් නොමැතිව සේවය කළ සමෘද්ධි සංවර්ධන නිළධාරීන් 14,000කට අධික පිරිසකට ස්ථීර පත්වීම් ලබාදීමට නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය  විමල් වීරවංශ මහතා තීරණය කර තිබේ.

සමෘද්ධි ව්‍යාපාරයට අයත් වෘත්තීය සමිති ප්‍රධානීන් හා අමාත්‍යංශ නිළධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යංශය සඳහන් කළ අතර එහිදී දීර්ඝ කාලයක  සිට විසදුම් නොලැබුණු ගැටලු රැසක් වෘත්තීය සමිති නියෝජිතයින් විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.

සමෘද්ධි සංවර්ධන නිළධාරීන් හා සමෘද්ධි කළමනාකරණ සේවකයින් විශාල පිරිසකට විධිමත් ස්ථීර පත්වීම් නොමැති බව සිය ප්‍රධානම ගැටලුව ලෙස ඔවුන් අමාත්‍යවරයාට පෙන්වා දී ඇති බව සඳහන් වේ.

ඒ පිළිබඳ අවාධානය යොමු කළ විමල් වීරවංශ අමාත්‍යවරයා උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව දිවයින පුරා සේවය කරන 14,000කට අධික සමෘද්ධි සංවර්ධන නිළධාරීන් සඳහා ස්ථීර පත්වීම් ලබාදීමට තීරණය කර තිබේ.

Exit mobile version