ස්වදේශිකයන්ට ලබා දෙන සහනයක් ගැන බන්දුල කියයි

ස්වදේශිකයන් නිසි පරිදි උපයා විදේශයන්හි තැන්පත් කර ඇති මුදල් ශ්‍රී ලංකාවේ නිශ්චිත ව්‍යාපෘති තුළ ආයෝජනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන බවත් ඉදිරි වසර පහ තුළදී එම මුදල් සියලු බදු වලින් නිදහස් කරන බවත් ජාත්‍ය්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එ් මහතා මේ බව පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එසේම ඩොලරයට සාපෙක්ෂව රුපියල අවප්‍රමාණය වීම වැළැක්විමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු අයවැයේදී එය රුපියල් 160ක් දක්වාත් දෙවැනි අයවැයේදී රුපියල් 140ක් දක්වාත් පහත දමන බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Exit mobile version