Home විදෙස් පුවත් පිලිපීනයේ මරාවි නගරය සටන්කරුවන්ගෙන් නිදහස් කරගනී

පිලිපීනයේ මරාවි නගරය සටන්කරුවන්ගෙන් නිදහස් කරගනී

0
පිලිපීනයේ මරාවි නගරය සටන්කරුවන්ගෙන් නිදහස් කරගනී

පිලිපීනයේ මරාවි නගරය සටන්කරුවන්ගෙන් නිදහස් කරගත් බව පිලිපීන ජනාධිපති රොද්‍රිගේ ඩුටර්ටේ පවසයි. නමුත් ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් සිදුකළද තවමත් මරාවි නගරයේ ඇතැම් ප්‍රදේශවල සුළු වශයෙන් ගැටුම් පවතින බව සඳහන් වේ.

ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු ළඟ තබාගෙන සිටි සැකකරුවන් 30 දෙනෙකු ගැටුම් හේතුවෙන් ඊයේ දිනයේ දී නගරය අතහැර ගොස් තිබේ.

මරාවි නගරයේ සටන්කරුවන් ලෙසින් සිටින්නේ IS ත්‍රස්තවාදීන්ගේ අනුගාමිකයින්ය. පිලිපීන රජයේ පාර්ශ්ව සහ සටන්කරුවන් යන දෙපාර්ශ්වයේම දහසකට වැඩි පිරිසක් මෙම ගැටුම්වල දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version