නාඳුනන මළ සිරුරක් සොයා ගනියි

රාවණා ඇල්ල, පහළ ඇල්ල ප්‍රදේශයේ තිබී නාඳුනන පිරිමි පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අද(25) උදෑසන මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි.

අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර මියගිය ආකාරය පිළිබඳව ද මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව සඳහන්ය.

මළ සිරුර අදාළ ස්ථානයේම තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Exit mobile version