මියගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් හමුවෙයි

වාහනයක ගැටි මිය ගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් අද (26) අලුයම හමු වි ඇති බව දිඹුල පොලිසිය පවසයි.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල රෝහලට නුදුරු ස්ථානයකදි මෙම හඳුන් දිවියාගේ සිරුර හමු වි ඇත.

හොඳින් වැඩුණු මෙම හඳුන් දිවියාගේ ශරිරය පුරා තුවාල කිහිපයක්ද තිබෙන අතර, මෙම හඳුන් දිවියා එම මාර්ගයේ ගමන් ගන්නා වාහනයක ගැටි ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවට දිඹුල පොලීසිය සැක කරයි.

තේ වතු ආශ්‍රිතව සැරි සරන මෙවැනි හඳුන් දිවියන් විශාල ප්‍රමාණයක් පසුගිය කාලය තුළ මෙවැනි අනතුරුවලට හා මර උගුල් ඇටවිම නිසා ජිවිතක්ෂයට පත් වී අත.

මිය ගිය හඳුන් දිවියාගේ සිරුර නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට භාර දිමට දිඹුල පොලීසිය කටයුතු කර ඇත.

Exit mobile version