චන්ද්‍රිකා එජාප සාමාජිකාවක් – දයාසිරි ජයසේකර

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවතත් එක්සත් ජාතික පක්ෂය හා එක්කිරීමට උත්සහ දරමින් සිටින බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) හෙට්ටිපොළ පැවති ජන හමුවකට එක්වෙමිනි.

හිටපු ජනපතිනිය මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකාවක් වී අැති බවත් අැයට නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු සිදු කළ නොහැකි අතර ඉදිරියෙදි බිහිවන ආණ්ඩුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පමණක් බවත් එය පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් නොවන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

Exit mobile version