තමන්ට හිමි වරප්‍රසාද කඩ වී ඇති බව වඩිවේල් කියයි

අද (27) පාර්ලිමේන්තුව රැස් වු අවස්තාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පැවසුවේ මන්ත්‍රිවරයෙකු ලෙස තමන්ට හිමිව තිබෙන වරප්‍රසාද කඩ වී ඇති බවයි.

සුළු ජාතික මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ට පාර්ලිමේන්තුවේදි මෙන්ම පිටතදීත් තමන්ගේ ආරක්ෂාව පිලිබඳ කිසිඳු විශ්වාසයක් නොමැති බව මන්ත්‍රීවරයා එම අවස්ථාවේදි කථානායක කරූ ජයසූරිය මහතාව දැනුම්වත් කළේය.

පසුගිය දා තම ආසන බල මණ්ඩලයේ පැවති රැස්වීමක් අතරතුරදි පිටස්තර පුද්ගලයින් පැමිණ තමන් ජාතිවාදි පුද්ගලයෙකු ලෙස හදුන්වමින් කළහාකාරි ලෙස හැසිරුණු බවත් එම අවස්ථාවේදි තමන්ට බොම්බ ප්‍රහාරයක් එල්ල කිරිමට සැලසුම් කර තිබි ඇති බවත් මන්ත්‍රිවරයා පැවසීය.

තමන් වෙනුවෙන් තම පාක්ෂිකයන් පාරට බෑසිමට කටයුතු කිරිමට විමසන බවත් තමන් ජාතිවාදියෙකු නොවන බැවින් එය වැලැක්වීමට කටයුතු කරන බවත් පැවසු මන්ත්‍රීවයා ප්‍රකාශ කළේ මෙම ප්‍රශ්නය අවසානයේ තමන්ද ජාතිවාදියෙකු විය යුතුද යන්නයි.

Exit mobile version